Showing posts with label Physics. Show all posts
Showing posts with label Physics. Show all posts

Sunday, May 26, 2013

Satellite - චන්ද්‍රිකා


ආයුබෝවන්...
දැන් ටික කාලෙකට කලින් ලංකාවත් සැටලයිට් එකක් යැව්වනේ චීනෙත් එක්ක එකතු වෙලා. ඒ දවස් වල නම් ටී.වී. එකේ ඒක ගැනමයි කියෙව්වේ. දැන් ඒකට මොනා උනාද නම් දන්නේ නෑ. ඇත්තම කියනවා නම් මම එකේ නමවත් දන්නේ නෑ. ඒ සැටා කොහෙහරි පාවි පාවි ඇති. එහෙම නැත්තං කොහෙට හරි කඩාපාත් වෙලා ඇති. ඒකනේ සද්ද නැත්තේ. :P

මේ ලිපියෙන් කියන්නේ කොහොමද චන්ද්‍රිකාවක් ගමන් කරන්නේ කියලා. චන්ද්‍රිකාවකට බලය ලබා ගන්ඩ, රොකට් වලට වගේ එන්ජින් එකක් නැ.

චන්ද්‍රිකාවක් පෘතුවියෙන් ගැලවිලා යන්නේ නැතුව තියෙන්නේ, චන්ද්‍රිකාවත් පෘතුවියත් අතර තියන ගුරුත්වාකර්ෂණය බලයෙන්. ඒ වගේම චන්ද්‍රිකාවක්, ඒක ගමන් කලයුතු කක්ෂයට අරගෙන ගිහින් ප්‍රවේගයක් ලැබෙන හිදියට අතාරින්න ඕනේ.

Gravitation - ගුරුත්වාකර්ෂණය 2



ආයුබෝවන්!!!
කලින් Post එකේ කතාකරේ ස්කන්ධ දෙකක් අතර තියන ආකර්ෂණ බලේ ගැනනේ. ස්කන්ධය වැඩි වෙන්න වැඩි වෙන්න ආකර්ෂණ බල වල ප්‍රබලතාව වැඩි වෙනවා. හරියට පෘතුවිය හින්දා හද තියනවා වගේ. ඉර හින්දා සෞරග්‍රහමණ්ඩලය ගැලවිලා යන්නේ නැතුව තියනවා වගේ. 

ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙන්නේ ගුරුත්වජ ක්ෂේත්‍රයක් නිසා කියල කලින් ලිපියේ කිව්වනේ.
ගුරුත්වජ ක්ෂේත්‍රයක් කොච්චර ප්‍රබලද කියල මනින්නේ ගුරුත්වජ ක්ෂේත්‍ර තීව්‍රතාවෙන්.  


Saturday, May 25, 2013

Gravitation - ගුරුත්වාකර්ෂණය 1


ආයුබෝවන්!!!
ගුරුත්වාකර්ෂණය කියන්නේ ඉතිං අපි හැමෝම ඉපදුන දවසේ ඉදං මැරෙනකන් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අත්විදින්න වෙන දෙයක්. නිව්ටන් කියන විද්‍යාඥයා තමා මේ ගැන මුලින්ම අදහස් ඉදිරිපත්කරේ. ඒ 1687. ඇපල් ගහකට පිං සිද්ධ වෙන්ඩ.